• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > වෙද මැදුර > මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?
වෙද මැදුර

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?

Editor
Last updated: June 3, 2025 9:05 pm
Editor
Share
7 Min Read
SHARE

අද වෙනකොට බොහෝ දෙනෙක් මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් වලින් පීඩා විදිනවා.

මේ ඒ පිළිබදව සිදුකරන දැනුවත් කිරීමක්…

මුත්‍රා ගල් හැදෙන්නේ ඇයි?

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි කියලා දැනගෙන හිටියද ?

වකුගඩු, මුත්‍ර වාහිනී, මුත්‍රාශය, සහ මුත්‍රා මාර්ගය යන ප්‍රධාන කොටස්වලින් මුත්‍ර වාහිනී පද්ධතිය සෑදී තිබෙනවා.

යම් පුද්ගලයෙකු දිනකට පානය කරන ජල ප්‍රමාණය අඩු වන විට මුත්‍රාවල සාන්ද්‍ර ගතිය වැඩිවනවා. එවිට වකුගඩුවල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගමන් ගන්නා මාර්ගය තුළ ඉතා කුඩා කැටිති ඇති විය හැක.

එම කැටිති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන ගියත් තරමක් විශාල කැටති එහි ඉතිරි වනවා. එවැනි කැටිති යම් ප්‍රමාණයක් එකතු වීමෙන් මුත්‍රා ගල් සෑදෙනවා.

සාමාන්‍යයෙන් මුත්‍රා /ගල්, වකුගඩු, මුත්‍රා වාහිනී සහ මුත්‍රාශය යන ස්ථානයන් තුනෙහිම ඇතිවිය හැකියි.

මුත්‍රා/වකු ගඩු ගල් වර්ග – ප්‍රධාන ගල් වර්ග හතරක් ඇත:

01- කැල්සියම් ඔක්සලේට් ගල්

මෙය බහුලම ගල් වර්ගයයි.

මෙම ගල් වර්ගය ඇතිවන්නේ ආහාරවලින් ලැබෙන ඔක්සලේට්, මුත්‍ර පෙරෙන විට එහි ඇති කැල්සියම් සමග එකට බැඳෙන නිසා යි.

සාමාන්‍යයෙන් මෙම වර්ගයේ මුත්‍රා ගල් වර්ගය X-Ray පරීක්ෂණයක් මඟින් පහසුවෙන් හඳුනාගත හැකියි.

02- යූරික් අම්ල ගල්

මෙය තවත් බහුල වකුගඩු ගල් වර්ගයකි.

මස් වැනි ආහාරවල පියුරීන් ලෙස හඳුන්වන ස්වභාවික රසායනික සංයෝගයක ඉහළ සාන්ද්‍රණයක් ඇත. පියුරීන් අධික ලෙස ආහරයට ගැනිමෙන් මොනොසෝඩියම් යූරේට් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වන අතර එය මගින් යුරික් අම්ල ගල් වකුගඩු වල ගල් සෑදිය හැකිය.

තරබාරුකම වැඩිවන විට මෙම මුත්‍රා ගල් වර්ගය සෑදීමේ ප්‍රවණතාවය වැඩි වනවා.

එසේම අධික ආම්ලික මුත්‍රා ඇති විට මෙම ගල් වර්ගය සෑදෙනවා.

මෙම මුත්‍රා ගල් වර්ගය සාමාන්‍ය X-Ray පරීක්ෂණයක් මඟින් හඳුනාගැනීමට අපහසු යි.

03- අසාධන ගල්(Struvite:)

මෙම ගල් අඩු වශයෙන් දක්නට ලැබෙන අතර ඉහළ මුත්‍රා මාර්ගයේ ආසාදන නිසා ඇතිවේ.

නිතර සෑදෙන මුත්‍රා ආසාදනවලට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මෙම ගල් වර්ගය සෑදෙයි.

එලෙස මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් මුත්‍රා වාහිනී පද්ධතිය තුළ නිර්මාණය වන අහිතකර බැක්ටීරියා නිසා මුත්‍රා ගල් ඇති වී ඒවා ඉක්මනින්ම වර්ධනය වෙයි.

මෙවැනි ගල් ප්‍රමාණයෙන් තරමක් විශාල නිසා වකුගඩුවලට පවා හානි සිදුවිය හැකියි.

04- සිස්ටින් (Cystine:) ගල්

මෙම ගල් දුර්ලභ වන අතර පවුල් තුළ ආරයට යා හැක.

තරුණ අවධියේ දී ඇතිවන මෙම මුත්‍රා ගල් වර්ගය නිසා ජීවිත කාලය පුරාම විටින් විට පීඩා විඳීමට සිදුවෙයි.

ඔබට නිතර නිතර මුත්‍රා ගල් සැදෙන්නේ නම් නිසි පරික්ෂණ මගින් ඔබට ඇත්තෙ කුමණ ගල් වරගයද යන්න හදුනා ගැනිම එය වලක්වා ගැනිමට ඉතා වැදගත් වේ.

රෝග ලක්ෂණ

ඉතා කුඩා වකුගඩු ගල් බොහෝ විටරෝග ලක්ෂණ නොපෙන්වයි

ඔබ මුත්‍රා කරන විට ඒවා නොදැනිම වේදනාවක් නැතිව පිටවීමට පවා ඉඩ ඇත.

විශාල වකුගඩු ගල් රෝග ලක්ෂණ ඇති කළ හැක,

ඔබේ බඩ (උදරය) හෝ කොන්දේ වේදනාව –

පිරිමින්ට ඔවුන්ගේ වෘෂණ කෝෂ වල වේදනාවක් ඇති විය හැක

ඉවසිමට නොහැකි මට්ටමෙ දරුණු වේදනාවක් සමග අදික ලෙස දහඩිය දැමිම

වමනය හෝ ඔක්කාරය දැනීම

ඔබේ මුත්‍රා සමග රුධිරය පිටවිම

සමහර විට මෙම රැදිරය ඇසට නොපෙනිය හැකි අතර මුත්‍රා පරික්ෂණයකින්(UFR) පමණක් දැක ගත හැක

නිතර නිතර පොඩ්ඩ පොඩ්ඩ මුත්‍රා පිටවිම.

මුත්‍රා ආසාදනය/ විෂ බිජ යාම

මුත්‍රා දැවිල්ල

මුත්‍රා පිට කිරිමට අපහසු විම /මුත්‍රා හිරවිම

ප්‍රතිකාර

බොහෝ වකුගඩු ගල් ඔබේ මුත්‍රා කිරීමේදී පිටවීමට තරම් කුඩා වේ

කුඩා වකුගඩු ගල් සඳහා ප්‍රතිකාර කිරීම

සාමාන්‍යයෙන් දින කිහිපයක් කුඩා වකුගඩු ගල් ඔබ ඒවා පිට කරන තෙක් වේදනාවක් ඇති කළ හැක.

වේදනාව සඳහා වේදනා නාශක පෙති කිරීම සඳහා ස්ටෙරොයිඩ් නොවන වේදනා නාශක ඖෂධ (NSAIDs) නිර්දේශ කරයි

දැඩි වෙදනාවක් පවතින විට එන්නත් මගින් හෝ ගුද මාර්ගයෙන් ඇතුල් කරන වෙදනා නාශක සපොසිටරි ලබා දෙනු ලැබේ

දවස පුරා දියර ගොඩක් පානය කිරීම

ගල් ඉවත් වන තුරු නිර්දෙශ කරනු ලැබේ

දවස පුරා, සෑම දිනකම දියර ලීටර් 3 දක්වා පානය කල යුතුයි

වතුර බොන්න

ඔබේ වතුරට නැවුම් ලෙමන් යුෂ එකතු කරන්න

කෲතීම බීමවලින් වළකින්න

ලුණු වැඩිපුර කන්න එපා

ඔබේ මුත්‍රා තද පාට නම්, එයින් අදහස් වන්නේ ඔබ ප්‍රමාණවත් ලෙස පානය නොකරන බවයි. ඔබේ මුත්‍රා සුදු පාට විය යුතුය.

නව ගල් සෑදීම වැළැක්වීම සඳහා මෙම දියර දිගටම පානය කල යුතුයි

ඔබේ වකුගඩු ගල් දැඩි වේදනාවක් ඇති කරන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඔබව රෝහලට ඇතුලත් කරනු ලැබේ

විශාල වකුගඩු ගල් සඳහා ප්‍රතිකර

ඔබේ වකුගඩු ගල් ස්වභාවිකව පිටවිමට නොහැකි තරම් විශාල නම්, ඒවා සදහා වෙනත් ප්‍රතිකාර කලයුතුයි

විශේෂඥ ලිංග සහ මුත්‍රා පිලිබද විශේෂඥ ශල්‍යය වෛද්යවරයා ප්‍රතිකාර ක්‍රමට තිරනය කරයි

ඔබේ ප්‍රතිකර වර්ගය ඔබේ ගල්වල ප්‍රමාණය සහ ස්ථානය මත රඳා පවතී.

ලෙසර් කිරණ ප්‍රතිකාර

කම්පන තරංග ලිතෝට්‍රිප්සි (SWL)

SWL යනු වකුගඩු ගලක් ඇති ස්ථානය හඳුනා ගැනීම සඳහා අල්ට්රා සවුන්ඩ් (අධි-සංඛ්‍යාත ශබ්ද තරංග) භාවිතා කිරීමයි.

අල්ට්‍රා සවුන්ඩ් කම්පන තරංග යන්ත්‍රයකින් ගල වෙත යවා එය කුඩා කැබලිවලට කැඩීම මගින් එය ඔබේ මුත්‍රාවලින් පිටවිම සිදු වේ

ඔබේ වකුගඩු ගල්වලට සාර්ථකව ප්‍රතිකාර කිරීම සඳහා ඔබට කිරණ වාර 1කට වඩා අවශ්‍ය විය හැකිය.

මුත්‍රා ගල් හැදිම වලක්වා ගන්නේ කෙසේද ?

දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5/ 3ක් පමණ පානය කිරීම.

ඔබ උෂ්ණාධික ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් , අව්වේ වැඩිපුර වැඩ කරනවානම් අධික ලෙස දහඩිය දමන වැඩ වල යෙදෙනවානම්, ඔබ අඩික ලෙස දහඩිය දමන් කෙනෙක් නම්දිනකට පානය කරන ජල ප්‍රමාණය තවත් වැඩි කළ යුතුයි.

ඔක්සලේට් අධික ආහාර වර්ග අඩුවෙන් පරිභෝජනය කිරීම ( පිපිඤ්ඤා, රාබු, අධික තේ පානය}

අධික ලුණු සහිත ආහාර සහ ලුණු අඩුවෙන් පරිභෝජනය කිරීම

බර අඩු කර ගැනිම

විෂේසයෙන් උදරය ආශ්‍රිතව ස්ථුලතාවය අඩු කරගැනීම අත්‍යයවශයි

මුත්‍රා වලට විස බීජ ගිය විට (ආසාදනවලට) නිසි පරිදි ප්‍රතිකාර ගැනීම

විටමින් D සහ කැල්සියම් ,අතිරේක පෝෂක (සප්ලිමන්ට් වර්ග) භාවිතා කිරීමෙන් වැළකීම

රැදිර පරික්ෂාවක් කර එවායේ ඌණතාවයක් පවතීනම් පමණක් ගත යුතුයි

ඔබේ වෛද්යවරයා විසින් වකුගඩු ගල් ඇතිවීම වැළැක්වීමට උපකාර වන ඖෂධ කිහිපයක් නිර්දේශ කළ හැක. ඖෂධ වර්ගය ඔබට ඇති ගල් වර්ගය මත රඳා පවතී.

මුත්‍රා ගල් වල සංකූලතා මොනවාද?

වකුගඩු අකර්මණ්‍ය වීම

මුත්‍රා විසබීජ ඇතිවීම,

මුත්‍රා මාර්ගය බ්ලොක් වීම,

කැල්සියම් ඔක්සලේට් ගල් තිබේ නම්, ඔබ කැල්සියම් අඩු සහ ඔක්සලේට් අඩු ආහාර වේලක් ගැනීම නිර්දේශ කෙරේ.

කැල්සියම් බහුල ආහාර වලට ඇතුළත් වන්නේ:

එළකිරි.

යෝගට්.

චීස්.

බ්රොකොලී

බෝංචි.

සැමන්.

කැල්සියම් ශක්තිමත් කරන ලද උණුසුම් ධාන්ය වර්ග.

ඔක්සලේට් අධික ආහාරවලට ඇතුළත් වේ (ඔබේ ආහාර වේලෙහි මේවා අඩු කරන්න):

නිවිති.

රුබාබ්.

ස්ට්රෝබෙරි.

තේ.

වියළි ඇට සහ බෝංචි.

තිරිඟු නිවුඩ්ඩ.

ඔබේ මුත්‍රා වල ද්‍රව්‍ය තනුක කිරීම සඳහා වැඩි පුර දියර පානය කිරීම ද වැදගත් ය.

උපුටා ගැනීමකි…

කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය

බන්දුල සත්කුමාර

Published by Lanka Gossip

You Might Also Like

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

TAGGED:ApendixLanka GossipLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

New Releases

Trending Stories

Uncategorized

ටෝනි දැකපු අනාගතය අද සැබෑවක් වෙලා

December 2, 2024
Hot Gossip

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට 48-පැය සංකේත වර්ජනයක!

May 28, 2025
Hot Gossip

විභූ රාඝව් ට මොකද වුණේ ?

June 3, 2025
වටපිට

ගෝල්ෆේස් පිටියට මොකක්ද මේ කරන්න යන්නේ

November 6, 2024
Hot Gossipඑතෙර කතා

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

June 5, 2025
කෙළි බිම

අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට

October 17, 2024

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?