ශිවගංගී සතියට දවස් 5ක් ඉන්දියාවට යයි

Admin
By Admin
1 Min Read

ඉන්දියාව හා යාපනය අතර ක්‍රියාත්මක මගී නැව් සේවාව ලබන (08) වැනිදා සිට සතියට දින 05ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබෙනවා.

මගීන්ගේ ඉල්ලුම හා ප්‍රවේශ පත්‍ර වැඩියෙන් අලෙවි වීම නිසා සතියට දින 05ක් මගී නැව් සේවාව ක්‍රියාත්මක කරන බවයි ශිවගංගී නැව් සමාගම පවසන්නේ.

ඒ අනූව සදුදා සහ බදාදා යන දින දෙක හැර අනෙක් දින පහ පුරාම මෙම සේවය ක්‍රියාත්මක වනවා.

ඉන්දියාවේ නාගපට්ටිනම් සිට යාපනයේ කන්කසන්තුරේ දක්වා යාත්‍රා කෙරෙන මෙම මගී නැව් සේවාව තුළින් එක මගියෙකුට කිලෝ ග්‍රෑම් 100ක බරක් රැගෙන යාමට හැකියි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *