ලෝක පූජිත ක්‍රිකට් විස්තර විචාරකයෙක් වූ ටෝනි ග්‍රේග් SSC ක්‍රීඩාංගණයේ Grass Pavilion හී ක්‍රීඩා කරමින් සිටි පුංචි දරුවෙකු ක්‍රීඩාකරන අපූරුව නරඹමින් ඔහු ඒ පුංචි දරුවාව Little Sanga ලෙස හදුන්වා දෙනවා.. මේ සිද්ධිය වෙන්නේ මීට අවුරුදු 10කටත් කලින්, ඒත් එදා ඒ විදිහට ලෝකෙටම මේ පුංචි දරුවාව හදුන්වා දීපු ටෝනි ග්‍රේග් අද ජීවතුන් අතරත් නැ…
හැබැයි ඔහු එදා දැකපු අනාගතය අද වෙද්දි මල්ඵල ගැන්විලා තියෙනවා… එදා ටෝනි ඒ විදිහට Little Sanga ලෙසින් හදුන්වපු මේ පුංචි දරුවා අද වයස අවුරුදු 18ක් පිරුණු තරුණ කොලු ගැටයෙක් වෙලා…
මෙවර යොවුන් ආසියානු කුසලානයේ පලමු තරගයේදී නේපලයට එරෙහිව ලකුණු 62ක් රැස් කරලා ශ්‍රි ලංකා ඉනිමේ අත්තිවාරම ගොඩ නගපු මේ පුංචි කොලු ගැටයා ශ්‍රි ලංකාව දිනවලා තරගයේ වීරයා වෙනවා…
සංගා වගේම අද ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහල කන්ඩායමේ අංක තුන පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන මේ Little Sanga අදත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 132කදී ලකුණු 102ක් රැස් කරමින් විශිෂ්ඨ ශතකයක් ලබා ගන්න සමත් වෙනවා… ඉති කවදා හරි මේ Little Sanga, ඒ මහා ප්රතාපවත් ක්‍රීඩකයා වගේම ලාංකික ක්‍රිකට් නාමය ලොව පුරා බබලවාවි..
ටෝනි දැකපු අනාගතය අද සැබෑවක් වෙලා

Leave a comment