ශ්‍රී ලංකාවේ සංගීත හා අධ්‍යාපන ක්ෂේත්‍රයට දීර්‍ඝ කාලයක් සේවය කළ සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්තවී තිබෙනවා.
මාතර තෙලිජ්ජවිලේ උපන් ඔහු, මිය යන විට වයස අවුරුදු 88 ක් පසු කළා. සංගීත කථිකාචාර්යවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පියෙකු ලෙසත්, දශක ගණනාවක්ම ජනතා හදවත් වලට ආදරණීයව සිටි චන්ද්‍රදාස බෝගොඩ සූරීන්, සංගීතය තුළින් මෙරට උසස් සදාචාරයක් ගොඩනඟා ගැනීමට දැරූ උත්සාහය සුවිශේෂී.
ඔහුගේ ජනප්‍රියතම ගීත කිහිපයක්:
- පෙම් කළ වරදට
- මගේ නීල නෙතු සඟළින්
- නීල වර්ණ නීල කොබෙයියෝ
- සීත දිය රැල් සලා
- මා හිස පිරිමැද නැවත නොඑන්නට
- ථූප වංශ භූමියේ මම උපන්නෙමී
- මහද කළු වළා මිලිනව
මෙම ගීත සඳහා තනු හා සංගීත නිර්මාණය කළේද ඔහුමය. මෙරට සංගීත කලාවේ ඉතිහාසයේ සන්සුන් නිහතමානී රත්‍රන් පදක්කමක් ලෙස ඔහු පිළිගන්න පුළුවන්.
චන්ද්‍රදාස බෝගොඩ සූරීන්, ජනප්‍රිය ගායන ශිල්පිනී විශාරද ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ වැඩිමල් සහෝදරයා වීමද සටහන් කළ යුතුයි.
Published by Lanka Gossip