• TRENDING
  • Hot Gossip
  • එතෙර කතා
  • වටපිට
  • Uncategorized
  • වෙද මැදුර
  • කෙළි බිම
  • CONTACT US
WHATSAPP CHANNEL
Lanka Gossip
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Reading: ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ
Share
Lanka GossipLanka Gossip
Font ResizerAa
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Search
  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Have an existing account? Sign In
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Lanka Gossip > Blog > Hot Gossip > ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ
Hot Gossip

ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ

Admin
Last updated: May 21, 2025 6:36 pm
Admin
Share
4 Min Read
SHARE

“මට වයස අවුරුදු හතේ දී යහළුවන් සමඟ එළිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා.

ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ අතැතිව මා එනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙවෙයි.

සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රීය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා.

මට මතකයි මම වේදනාවෙන් කෑ ගැසුවා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදු වුණේ නැහැ. කිසිම පහසුවක් දැනුණේ නෑ.
ලේ සහ ඝෝෂාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයැද සිටියා. නමුත් ඒ ගැහැනු අය මට කිව්වේ, නිහඬ වෙන්න, නිර්භීතවෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි.

කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරය පමණක් පිට වීමට කුඩා සිදුරක් පමණක් ඉතිරිවන සේ. මෙම ක්‍රියාවලිය ඉන්ෆියුපිලේෂන් (ලිංගික අවයව ඡේදනය) ලෙස හැඳින්වෙන අතර ලිංගේන්ද්‍රියට දිය හැකි වඩාත් දරුණුම වධ හිංසාවලින් එකකි.

මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා.”

මේ ඉන්දියාවේ තෙලන්ගානා හි මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින හෙඩ්-ටු-හෙඩ් අභියෝගතා වටය අතරතුර සෝමාලියානු මිස් වර්ල්ඩ් වුණු සෙනීබ් ජමා ඇගේ ළමා විය පිළිබඳව සිදු කළ කම්පන සහගත හෙළිදරව්වයි.

එය ඇගේ මව්බිමේ දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා.

වෛද්‍ය නොවන ක්‍රියා පටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලය පුරාවට අත් විඳීමට සිදු වූ ශාරිරික සහ චිත්තවේගීය කම්පනය පිළිබඳ ලෝක රූ රැජිණ තරගය ජ්‍යාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇය ගත් තීරණයම නිර්භීත එකකි. සිය සමාජයේ දැරියන් අත් විඳින කටුක සහ දරුණු ගණයේ අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස් ඇරවීමට ඇය එහි දී සමත් වුණා.

ලෝක රූ රැජිණ තරගයේ හෙඩ් ටු හෙඩ් වටය යනු තරගකාරියන්ට තම Beauty with a Purpose ව්‍යාපෘති හෙවත් සමාජයේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට දරන උත්සාහයන් අනාවරණය කිරීමට ලැබෙන අවස්ථාවයි.

“සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98% ක් අවයව ඡේදනයට ලක් වෙනවා. 98% කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තවමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා නොවූ කුඩා ළදැරියන්ය. එහි අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක් වන බවයි..”

ඇය ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළේ සියලු දෙනා කම්පනයට ලක් කරමිනි. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය. ඇය ඇගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළිදැක්වූයේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුම්වත් කිරීමයි. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ. ඔබේ සිඟිති දියණියට වධ හිංසා පැමිණවීමෙන් තොරවත් සංස්කෘතියට සදාචාරයට ගරු කළ හැකිය යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇයගේ සුන්දරත්වයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නා.

ඉතින් ඇය 2025 ලෝක රූ රැජිණ කිරුළ දිනාගත්ත ද නැති වුවද ඇය රැජිණක් බව ලස්සනට ඔප්පු කර හමාරය.

උපුටාගැනීමකි.

Published by Lanka Gossip

You Might Also Like

ධනුෂ් – ඓෂ් යළි එක්වෙයි ??

සංගීත විශාරද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ සූරීන් අභාවප්‍රාප්ත වෙයි

”ලීව සින්දු ඔක්කොම ගත්තාම එකසිය පනහක් විතර තියෙනවා. ඒත් මට මම ගීත රචකයෙක් කියලා හිතෙන්නෙත් නෑ”

බොලිවුඩ් රජු ෂාරුක්ගේ නව පෙනුමට හේතුව

ගයාත්‍රි ඩයස්ගේ අලුත්ම වැඩේ

TAGGED:BeautifulFashionLanka GossipMiss World 2025
Share This Article
Facebook Twitter Email Print

New Releases

Trending Stories

Hot Gossip

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට 48-පැය සංකේත වර්ජනයක!

May 28, 2025
Hot Gossip

හෙළ සිනමාවේ රැජිනියනි, ඔබට සුබ ගමන්!

May 24, 2025
වෙද මැදුර

මුත්‍රා ගල් සහ වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි ?

June 3, 2025
Hot Gossip

සුන්දර නිවාඩුවක් ගෙවන්න බොලිවුඩ් සුරූපිනිය ආවේ කොහේද කියලා දන්නවාද?

October 17, 2024
කෙළි බිම

අවසන් තරගයත් ජයගනී – තරගාවලියේම ජය ශ්‍රී ලංකාවට

October 17, 2024
Hot Gossip

“අපි හැම වෙලාවෙම ඒ රාමුවේ ඉඳලා ජීවත් වෙන්නේ” – උදාරි වර්ණකුලසූරිය

June 5, 2025

Always Stay Up to Date

Subscribe to our newsletter to get our newest articles instantly!

Follow US on Social Media

Facebook Youtube Steam Twitch Unity

© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.

Lanka Gossip

More from Foxiz

  • Hot Gossip
  • වටපිට
  • වෙද මැදුර
  • හඳහන
  • කෙළි බිම
  • එතෙර කතා
Welcome Back!

Sign in to your account

Lost your password?