”මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා”
හෙළ සිනමා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසුව වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයකි, චන්දික නානායක්කාර.
ඔහු පිළිබඳව ලියවෙන සටහන් අතර, මීට ඉහත ඔහු මාලිනිය පිළිබඳව කළ ප්‍රකාශයන් ද හිත මිතුරන් විසින් අනාවරණය කර තිබුණා.
පහතින් දැක්වෙන්නේ ද එයාකාරයෙන් චන්දික බොහෝ අවස්ථාවලදී සිය සමීපතමයින් සමඟ කියූ කතාවකි.
”ඇය එක්ක මම සිටියත්, මම කවදාවත් ඇය සහභාගි වන උත්සව අවස්ථාවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නැහැ. මම එහෙම කරන එක හරි නැහැ කියලා මට හිතුණා. මම ඇත්තටම ඇගේ නමට කිසිදු හානියක් වන එකට කැමති වුණේ නැහැ.”
එමෙන්ම මාලිනියගේ අවසන් දින කිහිපය පිළිබඳවත් ඔහු මෙලෙස හඬ අවදි කර තිබුණා.
”අවසාන දින කීපයේදී ඇය හිටියෙ දැඩි අසනීප තත්ත්වයකින්. ඉතින් ඔය කියන රාත්‍රියේ එකපාරටම ඇය අවදි වෙලා කිව්වලු ‘චන්දික ආවද. චන්දිකට එන්න කියන්න’ කියලා. ඒත් ඇය ළඟ හිටපු හිතවත් නර්ස්ලා ඒ සම්බන්ධව එච්චරටම හිතලා නෑ.
මේ සිද්ධිය වෙද්දි රෑ 12ට වගේ ඇතිලු. ඉතින් වරක් දෙවරක් නෙමෙයි කීප අවස්ථාවක්ම මගේ නම අහලා තිබෙනවා.
පස්සෙදි ළඟට කවුරු හරි ආවමත් මේ කවුද චන්දිකද කියලා අසිහියෙන් වගේ අහලා තියෙනවා.
ඔන්න ඔය වෙලාවේ තමයි ළඟ හිටපු අය අහලා තියෙන්නෙ කාටද මැඩම් එන්න කියන්නෙ කියලා.
එතකොට තමයි ‘චන්දික නානායක්කාර’ කියන සම්පූර්ණ නම කියලා ‘එයාට එන්න කියන්න. මට එයාව තුරුළු කරගන්න ඕන’ කියලා දන්වලා තියෙන්නෙ.
ඒත් පහුවෙනිදා එළිවනතුරු මේ අය ඒ ගැන වැඩිපුර හිතලා නැහැ. උදේ තමයි ඒ ළඟ හිටපු නර්ස්ලා චාන්දනී කියන මිස්ට මේ ගැන කියලා තියෙන්නෙ. ඇය ඒ පාර කලබල වෙලා දැන්වූයේ. ඇත්තටම ඒ වෙද්දි මාලිනියට හුඟක් අමාරුයි.
උදේ අපිට කතා කරලා ICU එකට දාන්නද කියලත් ඇහුවා. එයින් පසුව තමයි ඒ දවසේ රෑ සිහිය එන්නෙ නැතිවම නැතිවුණේ.
මං හිතනවා අර මාව හෙව්වෙ අවසන් වතාවට හරි මාව බලන්න ඕන කියන සිතුවිල්ල ආපු නිසා වෙන්න ඇති කියලා. ඇත්තටම මේ දෙයින් මමත් හුඟක් සංවේදී වුණා….”
Published by Lanka Gossip